ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද( 28) දිනයේ සලකාබලනු ඇති බව වාර්තා වෙයි.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියානු අධිකරණය මගින් අද නිදොස් කොට නිදහස් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීන්දුව ගෙන ඇත.
සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කළාය.
ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමුවූ කාන්තාවක් ලිංගිකව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනුවී තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
