ජනපති සහ සමන්තා පවර් අතර හමුවක් 

ජනපති සහ සමන්තා පවර් අතර හමුවක් 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ජාත්‍ය ජනපති සහ සමන්තා පවර් අතර හමුවක් න්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර්  අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය.

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සමන්තා පවර්  වෙත සිය ස්තූතිය පිරිනැමීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ දී ශ්‍රී ලංකාව දැනට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙහිදී කෙටි පැහැදිළි කිරීමක් සිදු කළ අතර, එය සාර්ථක ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අවධාරණය කළේය.

දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාදාමය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා විධිමත්ව පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරිමේ අභියෝගයට මුහුණ දී සිටින බවත්, මෙම තත්ත්වය හමුවේ දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා තවත් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත්ය.

කෙසේ නමුත්, දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පූර්ණ වශයෙන් අනුගත කරවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම කටයුතු කඩිනමින් අවසන් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන හඳුන්වාදීම තුළින් සමාජ සුබසාධන වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නය සඳහා අඛණ්ඩව සහය දක්වන අතරම ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ද ලබා දීමට කටයුතු කරන බව සමන්තා පවර්  මෙහිදී ප්‍රකාශ කර සිටියා ය.

IMG 20230920 WA0016

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න