පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අමාත්‍ය මණ්ඩල අනුමැතිය - සෞඛ්‍ය ඇමති

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අමාත්‍ය මණ්ඩල අනුමැතිය -  සෞඛ්‍ය ඇමති

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපානය කිරීමට අවසර ලබා දී ඇති බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් ඊයේ (සැප්. 11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මෙසේ ද පැවසීය.

“පවතින ප්‍රමිතීන් ආරක්ෂා කරගෙන නව වෛද්‍ය විද්‍යාල කටයුතු කළ යුතු වෙනවා.

මේ සඳහා සම්බන්ධ වන මහාචාර්යවරුන් අපේ රටේ වෛද්‍ය විද්‍යාලවල උපදේශකවරුන් වශයෙන් කටයුතු කළ අය. ආචාර්ය මණ්ඩලය සඳහාත් අවම සුදුසුකම් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට පිළිගත් වෛද්‍ය විද්‍යාලවල කටයුතු කරන ආකාරයෙන් ම හෝ ඊට එහා ගිය මට්ටමකට එම කටයුතු පවත්වා ගෙන යා යුතුයි කියා නීති පනවා තිබෙනවා.

මූලික සුදුසුකම් සහිත වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි දරුවන් මේ රටේ සිටිනවා.

ඒ නිසා 10%ක ප්‍රතිශතයක සිසුන් සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව ලබා දෙන ලෙසට මෙම විශ්වවිද්‍යාලවලින් මම පෞද්ගලිකව ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් එකඟතාව පළ කර තිබෙනවා.”

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.