රාජ්‍ය ඇමතිවරුන් සහ අමාත්‍යංශ ලේකම්ලා අතර ගැටුමක් !

රාජ්‍ය ඇමතිවරුන් සහ අමාත්‍යංශ ලේකම්ලා අතර ගැටුමක් !

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර බරපතළ රාජකාරිමය ගැටුමක් හටගෙන තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ බව අනාවරණය වී ඇත්තේ පසුගියදා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් පැවැත්වූ සාකච්ඡාවකදී ය.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් 38න් 35 දෙනෙකු සහභාගීව ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයක් පවසා ඇත්තේ තමන්ගේ විෂය භාර අමාත්‍යංශ ලේකම්වරුන් සමඟ තවදුරටත් රාජකාරි කළ නොහැකි බවය.

එසේම අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටු නොකිරීම, රාජ්‍ය අමාත්‍යවරුන් ගණන් නොගෙන අමාත්‍යවරුන්ගේ නියෝග පමණක් ක්‍රියාත්මක කිරීම, ඔවුනට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදීම ඇතුළු චෝදනා ගණනාවක්ම අමාත්‍යංශ ලේකම්වරුන්ට එරෙහිව රාජ්‍ය අමාත්‍යවරු ඉදිරිපත් කර ඇත.

මෙහිදී ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් තම විෂය භාර අමාත්‍යවරුන් සම්බන්ධයෙන්ද චෝදනාත්මකව අදහස් දැක්වීමට කටයුතු කර ඇති අතර ඊට මැදිහත්වෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ අමාත්‍යවරුන්ගේ නම් සඳහන් කර අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකර නොගන්නා ලෙසය.

තවද තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් තම තමන්ගේ විෂය පථ වෙනම ගැසට් කර රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයකු පත්කරන ලෙසද ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා ඇති බවත් දැනගන්නට ඇත.

අනතුරුව ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සහ අගමැති ලේකම්ගෙන් සමන්විත කමිටුවක් හරහා මෙම ප්‍රශ්නය විසඳීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරුනට දැන්වූ බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.