පයිනස් දැවත් ආනයනය කරලා :කෝටි 480ක් වනසලා !

පයිනස් දැවත් ආනයනය කරලා :කෝටි 480ක් වනසලා !

භාවිතයට ගත හැකි පයිනස් දැව ප්‍රමාණවත් තරම් මෙරට තිබියදී පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 480 කට වැඩි වටිනා පයිනස් දැව මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.

කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසන්නේ දැව සදහා භාවිතා කළ හැකි තත්වයේ පවතින පයිනස් ගස් බිම් හෙක්ටයාර් 1200ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කැලෑවලද පයිනස් හෙක්ටයාර් 1764 ක් පමණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති කැලෑවලද පවතින බවට තොරතුරු අනාවරණය වූ බවයි .

සාමාන්‍යයෙන් පොදුවේ කෝටි 900 කට වැඩි වටිනා දැව දඬු වර්ෂයකදී මෙරටට ආනයනය කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

දළ වශයෙන් වසර 18 කට පමණ ප්‍රමාණවත් පයිනස් දැව මෙරට ඇති බවද එම කාරක සභාවේදී තොරතුරු හෙළිවිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න