උපයෝගීතා කොමිසමේ හිටපු සභාගේ බෙන්ස් ගාය කෝප් කමිටුවේදී එළියට !

උපයෝගීතා කොමිසමේ හිටපු සභාගේ බෙන්ස් ගාය කෝප් කමිටුවේදී එළියට !

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසක මාසික කුලියකට මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් ) අනාවරණය වී ඇත .

එහිදී රජයේ විගණකාධිපතිවරයා කෝප් කමිටුව හමුවේ පවසා ඇත්තේ මෙම මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පසුගිය 2022 මැයි 31 දක්වා ‍නීති විරෝධීව ගෙවා ඇති බව ය.

මේ අතර ඉන්ධන ලීටරයක් රුපියල් 250 ක මුදලකට ලබා දිය හැකි බවට හිටපු සභාපතිවරයා කළ ප්‍රකාශයද අසත්‍යයක් බව ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටුව නිලධාරීන් වෙත දන්වා ඇත්තේ ජනතාව නොමග යවමින් හිටපු සභාපතිවරයා කළ එම ප්‍රකාශය අසත්‍ය බවට ජනතාවට ප්‍රසිද්ධ නිවේදනයකින් සති දෙකක් ඇතුළතදී දැනුම්දෙන ලෙසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න