ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක අලෙවිකර වැඩ වරද්දාගෙන !

ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක අලෙවිකර වැඩ වරද්දාගෙන !

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයෙක් පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන ආකාරයට ඊයේ (16) දහවල් වත්තල පොලිස් වසමේ දී ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු වයස අවුරුදු 29ක් වූ ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ය.

එහිදී අවේක්ෂණ රාජකාරියකින් පසුව උපාය දූතයෙක් හට එන්නත් සහ පෙති වශයෙන් උත්තේජක ද්‍රව්‍ය රුපියල් 38,000ක මුදලකට විකිණීමට යෑමේදී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන වත්තල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී එම තහනම් උත්තේජක නීතිවිරෝධී ලෙසට මෙරටට ආනයනය කළ ආයතනය පිළිබඳව අනාවරණය වී ඇති අතර එම තොරතුරු මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරයේ භාරයට පත්කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න