නියඟය වගාවන් වැනසුවේ මෙහෙමයි !

නියඟය වගාවන් වැනසුවේ මෙහෙමයි !

මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු කටයුතු ආරම්භ කර ඇති අතර ඊට අනුව ඊයේ දිනය වන විට වී වගාවට වැඩිම හානි සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය.

එම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 19,388 කට හානි සිදුව ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 22,357කි.

දිවයිනම ආවරණය වන පරිදි මෙම තක්සේරු සිදු කරන අතර ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 25කි.

වැඩිම වගා හානියක් සිදුව ඇති දෙවන කලාපය බවට උඩවලව පත්ව ඇති අතර එහි කුඹුරු අක්කර 10,125 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 4050 කි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ තක්සේරු කිරීම්වලට අනුව වැඩිම හානි සිදුව ඇති වී වගා බිම් කලාපය වන්නේ මහවයි.

මහව කලාපයේ අක්කර 8,008 කට නියඟයෙන් හානි සිදුව ඇති අතර පුත්තලමේ අක්කර 818 කටත්, රත්නපුරයේ අක්කර 636 කටත්, මාතර අක්කර 629 කටත්, හම්බන්තොට අක්කර 541කටත්, මඩකලපුවේ අක්කර 528 කටත්, නුවරඑළියේ අක්කර 491 කටත් හානි සිදුවී ඇතැයි තක්සේරු වාර්තාවේ සඳහන්ව තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ ඊයේ දිනය වන විට මෙලෙස දිවයිනපුරා අක්කර 37,101 ක වී වගා කළ ගොවීන් 32,967 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි හඳුනාගෙන ඇති බවය.

මෙහි අවසන් වාර්තාව සකස් කිරිම සඳහා මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න