විපක්ෂය විකුණනවාට විරුද්ධ මත්තල පාඩුව මෙන්න !

විපක්ෂය විකුණනවාට විරුද්ධ මත්තල පාඩුව මෙන්න !

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේ දී (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් ලෙස වාර්තා වන අතර එය මෙහෙයුම් අදායමට වඩා විසිහය ගුණයක් බව අනාවරණය වී ඇත.

මේ බව අනාවරණය කර ඇත්තේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති ගුවන්තොටුපළ සහ ගුවන්සේවා පුද්ගලික සමාගමේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ය.

ඊට අනුව 2022 වසරේ දී මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන 22,214කි.

ඉකුත් වර්ෂ 06 තුළ (2017 සිට 2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 42,818ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම ගුවන්තොටු පළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාවය මිලියනයක් පමණ වුවද ඉකුත් වසර 06 තුළම මත්තල ගුවන්තොටුපල හරහා ගමන්කොට ඇති මුළු ගුවන් මගින් සංඛ්‍යාව 103,324ක් බවද විගණන වාර්තාව සඳහන් කරයි. එසේම වසර 06ටම සිදුකළ මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,612කි.

ගුවන්තොටුපල ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 36,564ක වියදමක් දරා ඇති අතර, එම මුදල ඵලදායි ලෙස භාවිත කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා ලබාගත් ඩොලර් මිලියන 190ක ණය සදහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලියන 1,842ක මුදලක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් ගෙවා තිබුණි.

කෙසේ වුවත් මේ වන විට රාජ්‍ය ව්‍යවසාය කිරීමෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති අතර එම ප්‍රතිපත්තිය කොතරම් නිවැරදි ද යන්න මේ හරහා ද තහවුරු වෙයි. නමුත් විපක්ෂයේ කොටස් එකී ප්‍රතිපත්තිය විවේචනය කරමින් විරෝධය දක්වන්නේ වත්මන් ආණ්ඩුව ජාතික දේපළ විකුණන බව පවසමින්ය .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න