පර්ල් එක්ස්ප්‍රස් නෞකා වන්දි ගෙවීම : අධිකරණය වාර්තාවක් කැඳවයි !

පර්ල් එක්ස්ප්‍රස් නෞකා වන්දි ගෙවීම : අධිකරණය වාර්තාවක් කැඳවයි !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සහ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත .

ඒ එම පෙත්සම් අද (10) මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බව චෝදනා කළේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවය.

මෙම අවස්ථාවේදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට පෙන්වා දුන්නේ පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදුවිය යුතු බවය.

ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වන්දි ලබාගැනීමට අදාළ ඉල්ලීම් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ඇතුළු ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසත් අගතියට පත් ධීවරයින්ගේ නීතිඥවරුන්ට නියම කළේය.

එමෙන්ම වන්දි ගෙවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාලව ගනු ලැබූ පියවර ඇතුළත් වාර්තාවක් සැප්තැම්බර් මස 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කෙරිණි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ඔක්තෝබර් මස 5 සහ 6 දිනවල කැඳවීමට නියම කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න