“ජනපති මැදුරෙන් පන්නපු බඩු 31දාට පෙර භාර දෙන්න” – ජනාධිපති ලේකම්

“ජනපති මැදුරෙන් පන්නපු බඩු 31දාට පෙර භාර දෙන්න” – ජනාධිපති ලේකම්

ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයකු සතුව පවතින්නේ නම් ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාර දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක  ඉල්ලා සිටී.

2022. 07.09 දින සිට 2022.07.14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන එහි රැඳී සිටි කාල සීමාවේ ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වෙයි.

නීති විරෝධි ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයකු හෝ ආයතනයක් සන්තකයේ තබාගත හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපති ලේකම් සමන් ඒකනායක  වැඩිදුරටත් දැනුම් දෙයි.

NW03තවද, මේ පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකතන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා, ජාතික වැදගත්කමකින් යුතු මේ නිල ලාංඡන සොයාගැනීමට මහජනතාව දක්වන සහාය ඉතා අගය කොට සලකන බව සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න