අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාව ජුනි මස 20 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ සූරියවැව සතිපොළ පවත්වා ගෙන පුද්ගලයාට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 24ක මුදලකට අදාළ චෙක්පත නිකුත් කිරීම සඳහා එම නිලධාරියා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබීම සම්බන්ධවය.
එහිදී එම කොන්ත්‍රාත්කරු මේ පිළිබඳව අල්ලස් කොමිසම දැනුවත් කිරීමෙන් පසු අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
