සිරිසේන ශ්‍රීලන්කන් පතුරු ගහයි !

සිරිසේන ශ්‍රීලන්කන් පතුරු ගහයි !

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පාර්සලයේ සිට තිබෙන්නේ ගැහිල්ල බව හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසයි .

ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ කජු මිනිස්සුන්ට තබා බල්ලන්ටවත් කෑ නොහැකි බවට තමා කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමේදී කජු ගෙනවිත් තිබුණේ ඩුබායි රාජ්‍යයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ඩුබායි කජු සෑදෙන රටක් නොවන බවද සඳහන් කළේය.

ඔහු මේ අදහස් දක්වා සිටියේ අද (06) පාර්ලිමේන්තුවේ පැවති සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

කිසිම වෘත්තිය සමිතියකට ගුවන් සේවාව ගැන රජය කිසිම සාකච්ඡාවක්දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වෘත්තිය සමිතිවලට කාලයදීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.

සෑම ඇමැතිවරයකුම මේ ගුවන් සේවාවට සේවකයන් අසීමිතව දැමූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න