යුධ හමුදාව ඩ්‍රෝන යානා මගින් වී වගාවට කෘමිනාශක සහ වල්නාශක යොදයි

යුධ හමුදාව ඩ්‍රෝන යානා මගින් වී වගාවට කෘමිනාශක සහ වල්නාශක යොදයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කරමින් නියමු ව්‍යපෘතියක් වශයෙන් පසුගිය සිකුරාදා (02) දින ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක යුද්ධ හමුදාව විසින් වගාකරනු ලබන වී වගාවන් සඳහා කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී යූඑස්පීගේ සංකල්පයක් මත මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙමගින් අඩු පිරිවැයකින් කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය ප්‍රමාණයට අස්වැන්න සඳහා යෙදවීම අපේක්‍ෂා කරයි.

පළමු අදියරේදී යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.කේ රාජපක්ෂ ආර්එස්පී සහ 2 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කපිතන් ඩබ්ලිව්.ඒ.ඒ.කේ.වයි වික්‍රමසිංහගේ අධීක්‍ෂණය යටතේ ‘Sri Pola Pvt Ltd’ ආයතනය හා ඊට අනුබද්ධ ඇති ‘Aerogeni Pvt Ltd’ ආයතනය සමඟ එක්ව මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලදී.

Aerogeni Pvt Ltd ආයතනයෙහි නියෝජිතයින් තිදෙනෙකු ඩ්‍රෝන යානා සහ අදාල උපකරණ භාවිතා කරමින් ශ්‍රී ජයවර්ධනපුර, 2 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මගින් පාලනය වන කුඹුරු යායේ කෘමිනාශක සහ වල්නාශක ඉසීමේ කටයුතු සිදු කළහ.{gallery}drona{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න