වතුකරයේ වෘත්තීය සමිති නායක ගුණසිංහ සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වේ !

වතුකරයේ වෘත්තීය සමිති නායක ගුණසිංහ සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වේ !

ශ්‍රි ලංකා මහඡන වතු සේවක සංගමයේ හිටපු සභාපති ගුණසිංහ සූරියප්පෙරුම මහතා අද (30) අලුයම අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියදෙනවිට වයස අවුරුදු 77 කි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය ආසනයේ හිටපු සංවිධායකවරයකු වන ඔහු කඳපොල මහින්ද මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ගුණසිංහ සුරියප්පෙරුම මහතා තරුණයකුව සිටියදී, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. විලියම් ප්‍රනාන්දු මහතා සමග දේශපාලනයට පිවිසි අතර දිවංගත විජය කුමාරණතුංග මහතා සමග මහජන පක්ෂය බිහි කිරීමට පුරෝගාමී වූවෙකි.

88/ 89 භීෂණ සමයේදී තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මුදා ගැනීමට කටයුතු කල මොහු එකල එජාප ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව ප්‍රථම උද්ඝෝෂණ රැලිය නුවරඑළියේදී සංවිධාන කළේය.

මධ්‍යම පලාත් සභා මන්ත්‍රිවරයකු හා නුවරඑලිය මහා නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ද ඔහු නුවරඑළිය ප්‍රදේශයට විශාල සේවයකර ඇති සමාජ සේවකයෙකි.

ගුණසිංහ සූරියප්පෙරුම මහතා, බැංකු කිහිපයකම විධායක තනතුරු හා රාජ්‍ය ආයතන කිහිපයකම වගකීම් දරා ඇති ප්‍රකට සමාජ ක්‍රියාකාරික සේන සුරියප්පෙරුම ගේ වැඩිමල් සොයුරාය.

ගුණසිංහ සූරියප්පෙරුම මහතාගේ අවසන් කැමැත්ත අනුව අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුලත සිදුකිරීමට පවුලේ ඥාතීන් තීන්දු කර ඇති අතර ඒ අනුව ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (30) සවස 4 ට නුවරඑලිය නාගරික සුසාන භූමියේදි සිදුකෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න