2023 වසරේ මැයි 28 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 516,946 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර ඇත.
ඊට අනුව 2023 මැයි මස මුල් දින 28 තුළ දී 75,769ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟම මෙලෙස දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය පන්ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
මැයි මාසය තුළ මේ දක්වා වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එම ගණන 20,971කි.
එසේම රුසියාව 6,872 ක්, ජර්මනිය 6,362 ක් සහ එක්සත් රාජධානිය 5,464ක් වශයෙන් මැයි මාසය තුළ වැඩිවශයෙන් සංචාරකයින් පැමිණි සෙසු රටවල් අතර පෙරමුණේ පසුවන අතර එහි වැඩිදුර තොරතුරු පහත සටහනෙහි දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
