පොදු අපේක්ෂක කළ හැකි රාජපක්ෂවරයෙක් නෑ - ඇමති ප්‍රසන්න

පොදු අපේක්ෂක කළ හැකි රාජපක්ෂවරයෙක් නෑ - ඇමති  ප්‍රසන්න

පොදු අපේක්ෂකයෙකු ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කළ හැකි රාජපක්ෂ වරයෙක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි .

පොදුජන පෙරමුණේ මීලග ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් විසින් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ අදහස් පල කර ඇත .

එහිදී ඔහු මෙසේ පවසයි .

‘එහෙම රාජපක්ෂ කෙනෙක් මේ වෙලාවේ නැහැනේ. අනික එය පක්ෂයක් හැටියට ගත යුතු තීන්දුවක්. ඒ වෙලාවට තමයි ඒක බලන්න පුළුවන් වෙන්නේ.

පක්ෂයේ ආශිර්වාදය අරගෙන ඉදිරිපත් වෙන පොදු අපේක්ෂකයා තමයි ඊළඟට මේ රටේ ජනාධිපති බවට පත්වෙන්නේ.

පොදු අපේක්ෂකයෙක් හැටියට ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙකුට තමයි අපි උදව් කරන්නේ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපිත් එක්ක එකතුවෙලා යන කෙනෙකුට තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ’.

අමාත්‍යවරයා මෙසේ සඳහන් කළද පොදුජන පෙරමුණට සමීප ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වලකින ලෙස පක්ෂය දැනුම්දී ඇති බවයි.

එසේ අදහස් දැක්වීම නිසා පක්ෂයේ අභ්‍යන්තර සමගියට හානි සිදුවන බැවින් එම තීරණය දැනුම්දී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න