IMF විවාදය ගැන ජනපතිගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීන්ට දැනුම්දීමක් !

IMF විවාදය ගැන  ජනපතිගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීන්ට දැනුම්දීමක් !

අයි.එම්.එෆ් විවාදය පවතින කාලසීමාව තුළ අඛණ්ඩව පාර්ලිමේන්තු පැමිණ ඊට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම ලබාදීමට අදාළ ගිවිසුමට සහය පළකිරීම, එය ක්‍රියාත්මක කිරීමට රේඛීය අමාත්‍යංශය වෙත අනුමැතිය ලබාදීම පිළිබඳ යෝජනාව අප්‍රේල් (26) වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අප්‍රේල් (27) සහ ලබන (28 ) වැනිදා එය විවාදයට ගැනීමට නියමිතය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ IMF විවාදය අවසානයේ විපක්ෂය ජන්දයක් ඉල්ලීමට ඉඩ ඇති බවය.

තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇමරිකානු ඩොලර් කෝටි 30ක විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ සැකසුම ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

එම සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම අනුමැතිය, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු යැයි මෙම යෝජනාවෙන් ඉදිරිපත් කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න