පෙම්වතාගේ කුඩු හොයන්න පෙම්වතිය නිරුවත් කළ කොස්තාපල්ට වැඩ වරදියි !

පෙම්වතාගේ කුඩු හොයන්න පෙම්වතිය නිරුවත් කළ කොස්තාපල්ට වැඩ වරදියි !

සිය පෙම්වතා සමග සමනල වැව නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට අතරවර කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය අප්‍රේල්  08 වනදා සමනල වැව පොලීසිය විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඊයේ (09) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළඹෙන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මේ අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කෙරුණු බවත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවද පොලීසිය සඳහන් කළේය.

අදාළ සිදුවීම වාර්තා වූ ආකාරයට  සමනලවැව ප්‍රදේශයට යාබද ප්‍රදේශයක පදිංචි 18 හැවිරිදි තරුණියක් සිය පෙම්වතා සමඟ පසුගිය 08 වනදා සමනලවැව ඉස්මත්තට පැමිණ තිබුණි.

එහිදී යතුරුපැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙකු පෙම්වතා සන්තකයේ මත්ද්‍රව්‍ය ඇතැයි කියමින් ඔහුගේ සාක්කු සහ මුදල් පසුම්බිය ආදිය පරීක්ෂාවට ලක්කර ඇත.

අනතුරුව පෙම්වතා‌ගේ එක් අතකට මාංචු දමා මාංචුවේ අතින් කොටස යතුරුපැදියේ සවිකර තරුණියව බලහත්කාරයෙන් කැලෑ ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

එම ප්‍රදේශයේ සිටි පුද්ගලයෙකු මේ පිළිබඳ සමනලවැව පොලීසියට දැනුම් දී ඇති අතර කඩිනමින් පොලීසිය එම ස්ථානයට පැමිණ තිබේ.

ඒ වනවිටත් පොලිස් කොස්තාපල්වරයා තරුණිය නිරුවත් කර සිටි බව ද වාර්තා වේ.

පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ දී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මොනරාගල කොට්ඨාසයේ හම්බෙගමුව පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න