හයියෝ සජිත් : විපක්ෂ නායක කාර්යාලයේ සිට රාජිත ජනපතිගේ ගුණ වයයි !

 හයියෝ සජිත් : විපක්ෂ නායක කාර්යාලයේ සිට රාජිත ජනපතිගේ ගුණ වයයි !

ජනාධිපති ආර්ථිකය ගොඩ දැමීමේ නැතැයි කියන්න "අපි අන්ධයන් දැයි" සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රශ්න කර සිටියි.

තමා කවුරුවත් කියන කියන විදියට ප්‍රකාශ නිකුත් කරන්න ලෑස්ති නැතැයි ද අද තිබෙන ප්‍රශ්නය වන්නේ පක්ෂයකින් යනවාද?නැද්ද? කියන එක නොව රට ගොඩ නගනව ද? නැද්ද? යන්න බවද මන්ත්‍රීවරයා පවසයි.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (06)මෙම මාධ්‍ය හමුව පැවැත්වීමය.

එහිදී මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයා වෙතින් විමසා සිටියේ ඔබේ ප්‍රකාශයක් ගැන මාධ්‍යයේ පළවුණා. පසුව ඊයේ පෙරේදා ඉදන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අපි යන්නේ නැතැයි කියමින් ප්‍රකාශ නිකුත් කරනවා.මේ කාටද යන්නෙ නෑ කියන්නේ. ඔබතුමා යනවා කියලා දැනගෙන ද? යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

"නෑ ඉතින් බොහොම කට්ටිය කියනවා. අපිටත් කිව්වා කියන්න කියලා. මම ඔය කියන කියන විදියට ප්‍රකාශ නිකුත් කරන්න ලෑස්ති නෑ.යනවද? යන්නේ නැද්ද? කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ.රට ගොඩනගනව ද? නැද්ද? කියන එක විතරයි.

මම දේශපාලනයට ආවෙත් වෛද්‍ය වෘත්තියත් අයින් කරලා.ව්‍යාපාර කටයුතු අයින් කරලා.අද පඩියට පමණයි මගේ ආදායමක් සීමා වෙලා තියෙන්නේ.සියලු දේවල් වහලා දාලා මේ තත්ත්වයට ආවේ, අරවා කියන්නයි මෙහෙම කියන්නයි නෙමෙයි. මට ආත්ම ශක්තියක් තිබෙනවා. එමෙන්ම මට දේශපාලන චින්තනයක් තිබෙනවා.ඒ අනුව තමයි මම තීන්දු ගන්නේ.

ප්‍රශ්නය:- සමගි ජන බලවේගයේ 40 ක්ම යනවා කියලා කතාවක් තියෙනවා.

පිළිතුර:- අරයා යනවා, මෙයා යනවා කියන්නේ මේක නෑගම් යනවා නෙවෙයිනේ.මෙිවා දේශපාලන තීන්දු.

ප්‍රශ්නය:ජනපති ආර්ථිකය ගොඩ දානවා කියලා ඔබට පේනවද?

පිළිතුර:- ඔව් ,පැහැදිලිවම අපි පිළිගන්න ඕන නේ.නැත්තං අපි අන්ධයෝ නේ.මුලු ලංකාවෙම අපිට හම්බවෙන ඔක්කොම මිනිස්සු කියන එක නැතුව අපි විතරක් වෙනම පක්ෂයක කියලා විවේචනය කරනවා නම් ඒ වගේ කරන්න පුළුවන් මාක්ස්වාදී කඨෝර අයට.දැන් පෝලිම් තියෙනවද? ඉන්ධන මිල ටිකෙන් ටික අඩු වෙනවා.ගෑස් පෝලිම් නෑ.ඊයේ පෙරේදා ගෑස් රුපියල් දාහකින් අඩු වුණා.පොහොට්ටුව ඇතිකරපු තත්ත්වයෙන් රනිල් වික්‍රමසිංහ කියන නායකයා රට මුදාගෙන තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න