නීතිඥ සංගමයෙන් කමිටුවක්

නීතිඥ සංගමයෙන් කමිටුවක්

යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ පනත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්මත කර ඇති පුරවැසි අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට හෝ යටපත් කිරීමට කිසිදු නීති සම්පාදනයක් නොකළ යුතු බවද එම සංගමය පවසයි.

එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් එමගින් දුරදිග යන ප්‍රතිඵල ඇතිවිය හැකි බවද අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න