තෙල් ගෑස් මිල අඩු කරන්න ජනාධිපති කළ දෙයක් නෑ - ජවිපෙ වසන්ත

 තෙල් ගෑස් මිල අඩු කරන්න ජනාධිපති කළ දෙයක් නෑ - ජවිපෙ වසන්ත

රුපියල් 5000 සිට ගෑස් මිල අඩු කර ඇත්තේ සියයට විස්සකටත් වඩා අඩු ප්‍රමාණයකින් බවත් එසේම මෙරට ඉන්ධන මිල අඩු වී ඇත්තේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වීම නිසා මිස ජනාධිපති කල කිසිවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි.

එසේම විදුලි බිල අඩු කළ යුතු බවත් එපමණක් නොව ජනතාව පීඩාවට පත් කරමින් පනවා ඇති බදු ද අඩුකල යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

මෙවර මුළු රටටම අලුත් අවුරුද්දක් නැති බවත් උත්සව සැමරීම සඳහා නිදහස තිබිය යුතු බවත් ඔහු පවසයි.

එසේම මෙවර තම වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නේ ජනතාවට බාධාවක් නොවන ලෙස බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න