අපේ ජනාධිපති අපේක්ෂකයා රනිල් : ඇමති කංචන ප්‍රසිද්ධියේ කියයි !

අපේ ජනාධිපති අපේක්ෂකයා රනිල් : ඇමති කංචන ප්‍රසිද්ධියේ කියයි !

ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සඳහන් කර සිටියේ ඊයේ (03) රූපවාහිනී නාලිකාවක් සමඟ සිදුකළ දේශපාලන සජීවී සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය.

එහිදී කංචන විජේසේකර අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයා ගැන කතා වෙනවා. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත්කළ යුතුයි කියන මතයක් වැඩිපුර අපේ මන්ත්‍රී කණ්ඩායම තුළ තියෙනවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ. මම හිතන්නේ නෑ ඒකේ වැරැද්දක් තියෙනවා කියලා. අපි දන්නේ නෑ ඊළඟ මැතිවරණය කුමක් ද කියලා. ජනාධිපතිවරණයක් නම් ලැබෙන්නේ, අපි ඒ සඳහා ඒ අවස්ථාවේ දී පක්ෂයක් හැටියට සුදුසුම හොඳම පියවර ගනී."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න