පොලිස්පති සී ඩී වික්‍රමරත්න හට මාස 03 ක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව කථානායක නිල නිවසේදී ඊයේ (01) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙසේ අනුමැතිය හිමිව ඇත.
මාධ්‍ය සිදුකළ කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා ඇත්තේ ඊට අදාළ ලේඛන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ බවයි.
පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ නිල කාලය මාර්තු මස 26 වනදායින් අවසන් වීමට නියමිතව තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
