තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඇති අතර,මෙම ඉන්ධන පිරිපහදුව ඇතිකරනුයේ ඊට පරිබාහිරව බවද දැන ගන්නට ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, එම සංචාරයේදී මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබේ.
මේ අතර , ඉන්ධන සැපයුම, බෙදාහැරීම සහ අලෙවිය ජාත්‍යන්තර සමාගම් 3කට දීමට ආණ්ඩුව පසුගිය සතියේ තීන්දු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
