අභ්‍යවකාශයට මුල්ම වතාවට ‘ලයිකා’ නම් බැල්ලිය යවන ලද්දේ කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය ඉහළින්ම ඇති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
අභ්‍යවකාශයට යවන පළමු කාන්තාව ලෙස වැලන්ටිනා තෙරෙස්කෝවා තෝරා ගත්තේද ඒ නිසා බවත් ඔහු පවසයි.
පිරිමින්ට වඩා කාන්තාවන්ට දරාගැනීමේ හැකියාව ඇති බව ජීව විද්‍යාත්මකව ද තහවුරු වී ඇතැයි සඳහන් කල හිටපු ජවිපෙ මන්ත්‍රීවරයා කාන්තාවන්ට ඇති මෙම සුවිශේෂී දරාගැනීමේ හැකියාව රටක් සංවර්ධනය සඳහා යොදාගත යුතු මිස අසමාන සැලකිල්ලට ලක්විය යුතු නැති බවද කියා සිටියි.
කාන්තාවන්ට නිසි තැන ලබා දුන් පසු එම සමාජය දියුණු වීම වැළැක්වීම කිසි ලෙසකින් නැවැත්විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
