අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල්

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල්

රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මෙවර මහ කන්නයේ දී රජය වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබිණි.එහි පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක් වෙන් කළ අතර වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහල් ලබා දීමට නියමිතය.

ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමට රජය තීරණය කළේය. පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය දීමට සැලසුම් කර තිබුනත් පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල්වලින් සියයට 52ක් මෙම නොමිලයේ දෙන සහල් ඉල්ලා තිබෙි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් පසුගිය කාලයේ සිදු වුනත් තවමත් සහනාධාර ඉල්ලන පවුල් සියයට 52ක් සිටීම සුළුපටු දෙයක් නොවේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් ලබා දීම හෙට (27) අගුණකොළපැලැස්ස හා වීරකැටියේ දී සිදු කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න