පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08 කට ලක්ෂ 55ක දඩයක්

පෞද්ගලික රෝහල්  හා වෛද්‍ය රසායනාගාර 08 කට ලක්ෂ 55ක දඩයක්

උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සඳහා ගාස්තු අය කළ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 ක දඩ නියම කර තිබේ.

ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය එම ආයතනවලට එරෙහිව අලුත්කඩේ හා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලදී ගොනු කළ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සඳහා පනවා ඇති උපරිම මිල රුපියල් 1200කි.

එහෙත් එම පරීක්ෂණය සඳහා මෙම ආයතන රුපියල් 3000 ආසන්න වනතෙක් විවිධ ගණනින් මුදල් අයකර ඇති බව අධිකාරීය අධිකරණයට පැවසුවේ ය.

එම ආයතන පූර්ණ රුධිර ගණන පරීක්ෂණයට පනවා තිබූ උපරිම මිළ වන රුපියල් 400 ඉක්මවා රුපියල් 1000කට ආසන්න වන තෙක් මුදල් අයකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.

මේ අතර, උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සිදු කළ තවත් ආයතන 10ක් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයට කරුණු ගොනු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න