සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරවනවද ? සාගලගේ උත්තරේ මෙන්න !

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරවනවද ? සාගලගේ උත්තරේ මෙන්න !

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂය වන සේවයක් ලෙස අනුමත කළත් එම කාලසීමාව ඉකුත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට වසර 60 ක සේවා කාලයක නිරත වීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා එම කටයුතු කිසිවක් වෙනස් වි නොමැති අතර ඉදිරියට ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටු කරන ලද සේවාව අගය කරමින් මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැති ඇගයීම් උළෙලට එක් වෙමිනි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මාතෘ භූමියට ඉටු කළ සේවාව ඇගයීමට ලක් කෙරිණි.

සාගල රත්නායක මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරත වූ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජිත් ළමාහේවගේ (විශ්‍රාමික) මහතා විසින් මෙම සංචාරය සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත සහ සාගල රත්නායක මහතා වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ සාගල රත්නායක මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බලමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට ද එක් වූහ.{gallery}sagala-civil{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න