මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට !

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට !

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දී තිබේ.

අදාළ පෙත්සම අද (22) කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත්කර ඇත.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඒවායේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ තම සේවාදායකයන්ට පනවා ඇති විදේශ ගමන් සීමා කිරීමේ නියෝගය ඉකුත් ඔක්තෝම්බර් මස 7 වන දායින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ කර නොමැති බවය.

මේ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම වගඋත්තරකරුවන් දෙදෙනාට නිකුත් කළ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න