මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 23දා කැඳවා ඇති විශේෂ පක්ෂ ලේකම්වරුන්ගේ සමුළුවට මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ 58ක ලේකම්වරුන් කැඳවා තිබේ.
මෙම රුස්වීමේදී පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්වීම සඳහා බලපා තිබෙන ගැටලු ගැන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා දේශය පුවත්පතට පවසා ඇත.
එසේම මැතිවරණය පැවැත්වීමට අදාළව පැන නැගී ඇති මුදල් හිඟය සම්බන්ධව සාකච්ඡා කර මැතිවරණ ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාමූහික ප්‍රයත්නයක් දැරීමට අපේක්ෂා කරන වගද සභාපතිවරයා සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
