නැගෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ දෙමාපියන් හා ඥාතීන් විසින් වව්නියාව නගරයේ පවත්වාගෙන යන කුටියකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ හේතුව මත එම සංගමයේ සභාපතිනිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .
අදාළ ස්ථානයට කලක පටන් විදුලි රැහැන් ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ඇති බව විදුලි බලමණ්ඩලයට ලැබී තිබු පැමිණිල්ලකට අනුව කොළඹ විදුලිබලමණ්ඩලයේ වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (9) වව්නියාව පොලිසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
විදුලි රැහැන ඇද අනවසරයෙන් විදුලි ලබාගෙන ගැනීම සම්බන්ධයෙන් එහි සභාපතිනිය අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
