රට ඉඳි බද්ද රුපියලට බස්සවයි !

රට ඉඳි බද්ද රුපියලට බස්සවයි !

ආනයනික රටඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සහන පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව රටඉඳි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රැපියල් 200 බැගින් පනවා තිබු එම බදු මුදල කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල දක්වා අඩු කර තිබේ.

මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදේශ විනිමය වැය කිරීමක් සිදු නොවන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත විවිධ රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා සුභ පතන්නන් වෙතින් ත්‍යාග හෝ පරිත්‍යාග වශයෙන් මෙරටට ලැබෙන රටඉඳි සඳහා පමණි.

2022 නොවැම්බර් 30 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2308/17 දරන ගැසට් නිවේදනයට අනුකූලව අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න