අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරේ.....

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරේ.....

අභිමානවත් 75 වැනි නිදහස් දිනය අදට(04) යෙදී තිබේ.

නිදහස් දින ජාතික සැමරුම් උත්සවය අභිමානවත් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුදොරදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සුදානම් ය.

මෙවර නිදහස් දින උළෙලට යුධ , ගුවන් , නාවික හමුදා , පොලිස් විශේෂ බලකාය , විශ්‍රාමික රණවිරුවන් 6,410 ක් සහභාගී වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නිදහස් දින පෙළපාලියට රථ 108 ක් ද එක්වන බවයි.

නාවික හමුදා බල ගණ 07ක් මේ සඳහා සහභාගී වෙයි.

සමස්තයක් වශයෙන් නිලධාරින් 58 ක් ඇතුළු නාවික බට පිරිස් 1001ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති.

ගාලු මුවදොර මුහුදු තීරයේ විශේෂ නෞකා 03ක් නැංගුරම්ලා ඇති අතර, දහවල් 12.00 ට ජාතිය වෙනුවෙන් , ආචාර වෙඩි මුර 25ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ගුවන් හමුදාවේ සියලුම අංශ නියෝජනය කරමින් සෙබළුන් 650 ක් හා සන්නද්ධ රථ 27ක් නිහදස් දින පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති.

ගුවන් සංදර්ශනය සඳහා එක්වන ගුවන් යානා සංඛ්‍යාව 14කි.

සාම්ප්‍රදායික පැරෂුට් සංදර්ශනය උත්සවය අවසානයේ පැවැත් වෙන අතර ඒ සඳහා බට පිරිස් 40 ක් සහභාගීවීමට නියමිතයි.

පොලීසිය නියෝජනය කරමින් බල ඇණි 04 ක් එක් වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිහාල් තල්දූව  ප්‍රකාශ කළේ ය.

පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් මේ සඳහා නිදහස් දින පෙළපාලියට එක්වන සාමාජිකයින් සංඛ්‍යාව 220කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න