මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන අය සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බව සඳහන් ය.
මෑතකදී මහජන උපයෝගිතා කොමිසම තුළට මැරයන් පිරිසක් ඇතුළු වී තමන්ට තර්ජනය කිරීමේ සිදුවීම සහ එම සිදුවීම ඊට පසු දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සාධාරණීකරණය කිරීම මගින් ඒ බව තහවුරු වන බව ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් ය.
එහි දැක්වෙන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කොමිසමේ සෙසු සාමාජිකයින්ගේ කැමැත්තතෙන් තොරව සිය තනි අභිමතය පරිදි තීරණ ගෙන ඒවා නිවේදනය කිරීමත් සිය ඉල්ලා අස්වීමට හේතුවක් බව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
