නිදහසේ ශත සංවත්සරය දක්වා වූ ගමනේදී දෙරට එක්ව ඉදිරියට - ගෝපාල් බග්ලේ

නිදහසේ ශත සංවත්සරය දක්වා වූ ගමනේදී දෙරට එක්ව ඉදිරියට - ගෝපාල් බග්ලේ

ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා වූ ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යාම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පැවසීය.

ඉන්දියාවේ 74 වන ජනරජ දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සැමරුම් උත්සවය අමතමින් ගෝපාල් බග්ලේ මේ බව සඳහන් කළේය.

“සංහිඳියාවේ රිද්මය" නමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊසානදිග ඉන්දියාවේ නාගලන්ද් ප්‍රදේශයෙන් බිහිවී, ලෝක පිළිගැනීමට ලක් වූ UDX සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ Heavy metal Quintet Band Stigmata සංගීත කණ්ඩායම එක්ව සංගීත ප්‍රසංගය ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත්‍රත්වය හා සාමය සහ සෞභාග්‍යය සඳහා වන දෙරටේම අපේක්ෂාවන් පිළිඹිබු කිරීම උදෙසා මෙම සංගීත කණ්ඩායම් දෙක තෝරාගත් බව ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මෙසේද පැවසීය .

ඉන්දියාව වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් මෙන්ම විවිධත්වයෙන් යුතුව ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක්. මේ තත්ත්වය ශ්‍රී ලංකාවටත් පොදුයි. තව දින කිහිපයකින් ශ්‍රී ලංකාව සිය 75වන නිදහස් දිනය සමරනු ලබනවා. එබැවින් සමීප මිතුරන් ලෙස අප මෙම සැමරුම සැබෑ සහජීවනයේ රිද්මය පිළිඹිබු කරමින් එකට එක්ව සැමරිය යුතුයි. එම සහජීවනයේ රිද්මය වෙනස් සංගීත කණ්ඩායම් දෙකක සහ වෙනස් සංගීත සම්ප්‍රදායන් දෙකක සුසංයෝගය පමණක් නොව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සුසංයෝගය ද පිළිඹිබු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම හා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි සැමරුම සඳහා සහයෝගයෙන් අප එක්විය යුතු අතර නිදහසේ ශත සංවත්සරය දක්වා වූ වැඩපිළිවෙළට එක්ව කැපවීමට ද අදිටන් කරගත යුතුයි. එම සහයෝගය පැවතිය යුත්තේ දේශපාලන නායකයන්, වෘත්තිකයන්, විද්‍යාඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, නිලධාරීන් සහ සිවිල් සේවකයන් අතර පමණක් නොවෙයි. දෙරටේම අභිවෘද්ධිය උදෙසා සමාජයේ සෑම තරාතිරමකම ජනතාව ඊට එක්විය යුතු බව මගේ විශ්වාසයයි.

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

{gallery}gopal{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න