විදුහල්පතිනිය දණ ගැස්සවූ චාමරගේ සේවය අගයයි

විදුහල්පතිනිය දණ ගැස්සවූ චාමරගේ සේවය අගයයි

බදුල්ල දෙමල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීමේ විමර්ශන අවසන්ව නොමැති වුවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට පළාත් අධ්‍යාපන අමාත්‍යධුරය නැවත ලබාදී ඇති බව වාර්තා වෙයි.

ලංකා ගුරු සංගමය විසින් ඊයේ (16) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කරනු ලැබීය.

එහිදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කර සිටියේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිදුවීමේ අධිකරණ ක්‍රියාමාර්ග පවා අවසන්ව නොමැති පසුබිමක ප්‍රධාන අමාත්‍යවරයාට යළිත් අධ්‍යාපන අමාත්‍යධුරය ලබාදීම සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බවය.

එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්ද මේ සිදුවීමට අදාළ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙතෙක් එයද අවසන්ව නොමැත.

ඒ පසුබිමේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අධ්‍යාපන අමාත්‍යධුරය නැවත ලබාදීම සිදුවන විමර්ශන සඳහා බාධාවක් බවත් විදුහල්පතිනියට යුක්තිය ඉටුවීම සම්බන්ධව විශ්වාසයක් තැබීමට නොහැකි බවද ගුරු සංගම් සඳහන් කරයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මීට මාසයකට පමණ පෙර පළාත් ආණ්ඩුකාරවරයා තමන් කැඳවා නැවත අධ්‍යාපන අමාත්යංශය භාරදුන් බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න