තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සුදානමක් පවතිනවා නම් ඊට මුහුණදීමට සූදානම් බව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් සඳහන් කරයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සබ්දහන් කර ඇති අතර තමන් කටයුතු කර සිටියේ ජනවරම අනුව අනුව බවත් සදාචාර විරෝධී ආකාරයට ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනා හමුවේ එම කටයුතු හකුලා නොගන්නා බවද ඔහු සඳහන් කර ඇත.
එසේම 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරයාට සහ එම වසරේ අගෝස්තු මාසයේ අග්‍රාමාත්‍යවරයාට ලැබුණු ජනවරමේ ප්‍රධාන තේමාවක් වුයේ සාමය සහජීවය සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් රට නොබෙදන බලය බෙදන අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් බවත් තමන් කැපවී සිටින්නේ ඒ ජනවරම ක්‍රියාවට නංවා ගැනීම වෙනුවෙන් බවද විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.