අග්‍රාමාත්‍යවරයාට එරෙහිව් ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂවීම හේතුවෙන් සම්මුති ආණ්ඩුවෙන් ඉවත්ව යාමට සිදුවූ ශ්‍රීලනිප 16 දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාර ගැනීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.
ඒ පොළොන්නරුව - දියබෙදුම, පැරකුම් ගම ශ්‍රී ඥාණෝද්‍යාරාම විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයට සහභාගීවූ අවස්ථාවේ උත්සව සභාව අමතමින්ය.
අදාළ උත්සවය පොළොන්නරුවේ පැවැත්වෙන අවස්ථාවේ එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බලකොටුව බැවින් අදාළ ප්‍රකාශය හිටපු ජනාධිපතිවරයා සිදුකිරීමට නියමිත බව නිව්ස් ටියුබ් වෙත ඊයේ (15) වාර්තා වුවත් අප ඒ අනාවරණය සිදුකළේ නැත.
රහස් සාකච්ඡා තීරණාත්මක අදියරක
ඒ එම පුවත තහවුරු කරගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ථ වූ නිසාය. කෙසේ වුවත් ඒ සමඟ වාර්තා වී ඇත්තේ මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම පොදුජන පෙරමුණට සම්බන්ධවීම සඳහා පැවැත්වූ රහස් සාකච්ඡා මේ වන විට තීරණාත්මක ඉමකට පැමිණ ඇති බවය.
ජොන්ස්ටන් ෂේප් කරගන්න විශේෂ අවධානයක්
ඒ අනුව ඔවුන් සියලු දෙනාට ඉදිරියේ එන ජාතික මැතිවරණයකදී නාමයෝජනා ස්ථිරව ලැබෙන අතර අවධානමක් තිබෙන්නේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට පමණය. ඒ තවමත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව එකඟකර ගැනීමට නොහැකිවීම නිසා වන අතර මේ වන විටත් පොදුජන පෙරමුණ තුළ ඔහුව එකඟකර ගැනීමට උත්සාහ දියත්වෙමින් ඇත.
ඒ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 සඳහා අලුත් අවුරුද්දේ අලුත් රාජකාරියක් හිටපු ජනාධිපතිවරයා පවරා ඇති බවය.
16 කණ්ඩායමට අලුත් වගකීමක්
ඒ අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව වර්ජනය කල පාර්ශවය ඒ කටයුත්ත සිදුකළේ එජාප නායකත්වය සමඟ ඇතිකරගත් එකඟතාවක් මත බවත් එය පක්ෂයට හොරෙන් සිදුවූ ඩීල් එකක් බව පවසමින් රට පුරා සම්මන්ත්‍රණ කිහිපයක් සිදුකිරීමය.
එසේම මේ වන විටත් කැබලි වී ඇති ශ්‍රීලනිපය තවදුරටත් දුර්වල කිරීමට අවශ්‍ය බවත් ඒ සමඟ මෙතෙක් ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවය නියෝජනය කළ පිරිස් එයින් ඉවත්වන බව දක්වමින් අදාළ සම්මන්ත්‍රණ වලදී එම පාර්ශව වේදිකාවට නැංවීමටද නියමිතව ඇත.
තවද අදාළ සම්මන්ත්‍රණ වලදී ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඉලක්ක කර ඔවුන් එජාපයට යාමය සූදානමින් සිටින බවට ප්‍රචාරය කිරීමත් අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස ගෙනහැර පෑමේ සුදානමක් තිබෙන බවද වාර්තා වෙයි.
ඉසුර ජනාධිපතිව පාවාදීමට සූදානම් !
ඒ අනුව යමින් මේ වන විටත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය "වහාම ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයි" කියමින් වේදිකාවට පැමිණීමට එකඟත්වය පළකර තිබෙන අතර පළාත් සභා මැතිවරණය ඉලක්ක කර තවත් පළාත් සභා නියෝජිතයන් කිහිපදෙනෙක්ම මේ ආකාරයට පොදුජන පෙරමුණට සම්බන්ධකර ගැනීමට නියමිතව ඇත.