රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ.
ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය.
විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට, දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මහා භාණ්ඩාගාරය ඒ සම්බන්ධයෙන් ගනු ලැබු පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ප්‍රතිසංස්කරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරය ලෙස ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකර තිබුණි.
2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීමට යම් කාලසීමාවක් ගතවන බැවින් රජයේ මුදල් කළමනාකරණය වෙනුවෙන් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සිදුවන බව රජය පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
