මහජන උපයෝගීතා කොමිසමේ සභාපති : හොඳටම කරලා මාට්ටු !

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති : හොඳටම කරලා මාට්ටු !

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා රුපියල් 375,000ක මාසික කුලියට ලබාගෙන ඇති මර්සිඩීස් බෙන්ස් රථය සඳහා මාස හයකදී ගෙවිය යුතු කුලී මුදලට අමතරව රුපියල් 873,000 ට අධික මුදලක්ද සහිතව වාහනය ලබාගත් ආයතනයට නොව වෙනත් පුද්ගලයෙකුට ගෙවා ඇති බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙම වාහනය කුලී පදනම මත ලබාගෙන තිබෙන්නේ 2021 දෙසැම්බර් 07 වැනිදා සිට බවද 2022 මැයි 31 දක්වා ඒ වෙනුවෙන් 21, 87, 475ක් ගෙවීමට වවුචරයක් නිකුත් කර තිබු බවද එසේ තිබියදි බැංකු ගිණුමෙන් 30,61,165 ක් ගෙවා තිබුණ බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම වාහනය 2021 දෙසැම්බර් 07 සිට 2022 ජනවාරි 25 දක්වා වෙනත් ආයතනයක් සතුව තිබුණක් බවද පසුව කොමිසම ගිවිසුම්ගත සමාගම වෙත පවරා ඇති බවද එසේ වුවද කොමසම කුලි මුදල් වාහනය අයිති සමාගම වෙත නොගෙවා වාහන අයිතිය තහවුරු කර නොගත් වෙනම පුද්ගලයෙකුට ගෙවා ඇති බවද එහි සඳහන් වේ.

එසේම රාජ්‍ය ආයතන වල මෙවැනි ගෙවීම් නිශ්චිත පුද්ගලයෙකුගේ නමට ඔහුගේ ගිණුමට පමණක් ලෙස රේඛනය කරන ලද චෙක්පත් මගින් සිදුකළ යුතු බවද එසේ තිබියදි මෙම පුද්ගලයාට මුදල් මගින් ගෙවීම් කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

එසේම ඒ වෙනුවෙන් නිකුත් කළ ඉන්වොයිස් පත්‍රයේ සේවා සැපයුම්කරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඉල්ලුම්කරුගේ අත්සන, වාහන කුලී ගෙවිය යුතු කාල පරිච්ඡේදය, හා ගාස්තුව සඳහන් කර නොතිබුණ බවද එය කොමිෂන් සභාවේ පරිඝනක ඇසුරෙන් සකසා තිබු බව නිරීක්ෂනය වූ බවද එහි මුදල් චෙක්පතක් රේඛනය නොකර ගෙවන ලෙස දක්වා තිබුණ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම ආයතනයෙන්ම ඉහත අංක දරණ වාහනයම ලබාගැනීම සඳහා කොමිසම 2022 ජුනි 08 දින 2022 ජනවාරි ලැබු ලංසුවක් අනුව කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹ ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. එහෙත් එම ගිවිසුම අනුව කොන්ත්‍රාත්කරුගේ ආයතනයේ ලියාපදිංචි අංකයක් නොතිබුණ බවද , අධ්‍යක්ෂකවරයෙක් ලෙස අත්සනක් යොදා තිබුණද ඔහුගේ නමක් හැඳුනුම්පත් අංකයක් සඳහන් නොවු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ බව සඳහන් වන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විගණන වාර්තාවකය.

-lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න