හෙරොයින් මත්කුඩු ග්රෑම් 24ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කරන ලදී.
2022 වසරේදී කොළඹ, මෝදර ප්රදේශයේදී පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්රෑම් 24ක් සමඟ මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඉන් අනතුරුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය.
නඩු විභාගය අවසානයේ නියෝගය ප්රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු වී ඇති බවයි. ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
