කැබිනට් යෝජනාව තකන්නේ නෑ : උපයෝගීතා කොමිසමේ ලොක්කා වැඩ අල්ලයි !

කැබිනට් යෝජනාව තකන්නේ නෑ : උපයෝගීතා කොමිසමේ ලොක්කා වැඩ අල්ලයි !

විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ලට නොගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹදී අද (1) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ය.

පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් ඔහු එහිදී පැවසීය .

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ වෙනම දක්වා ඇති බව පැවසූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණ හොත් පමණක් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ ඔහු මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අවස්ථාවක් නොමැති බව ද වැඩි දුරටත් සඳහන් කළේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න