ජනාධිපති ලන්ඩන් යයි : තෙරේසා මේ සමඟත් සාකච්ඡාවක්

ජනාධිපති ලන්ඩන් යයි : තෙරේසා මේ සමඟත් සාකච්ඡාවක්

ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හෙට (16) සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරන අතර "පොදු අනාගතයක් වෙත" යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු වනු ඇති බවද සඳහන්ය.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙන එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධූරය දරන මෝල්ටාව මෙවර සැසියේදී එම සභාපතිත්වය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිතය.

හෙට සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා සිදු කෙරෙන ජනාධිපතිතුමාගේ නිල සංචාරය තුළදී බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වන තේරේසා මේ මහත්මිය හමුවීමට ද නියමිත අතර, පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් කිහිප පළක් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මෙම රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට අමතරව ජනාධිපතිතුමා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිතව තිබෙන අතර, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීම සඳහාද ජනාධිපතිතුමා වෙත ඇරයුම් ලැබී තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩල කි‍්‍රඩා සම්මේලනයට මෙන්ම බි‍්‍රතාන්‍ය මහ රුජිණගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකට ද සහභාගීවන ජනාධිපතිතුමා ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානය වැඳපුදා ගැනීමට ද එක්වනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න