ලංකා සතොස ආයතනය අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 7ක මිල පහළ දමා තිබේ.
ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 4.00 කින්, ආනයනික අර්තාපල් සහ බී ලූණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5.00 කින් ද මිල පහළ දමා ඇත.
ඊට අමතරව, රතු පරිප්පු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 11.00 කින්, දේශිය ටින්මාළු රුපියල් 15.00 කින්, මිරිස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 15.00 කින් සහ හාල් මැස්සෝ කිලෝග්‍රෑම් 1ක් රුපියල් 50.00 කින් වන ලෙස මිල පහළ දැමීම සිදුකර තිබේ.
පාරිභෝගික ජනතාව පවසන්නේ සතොස ආයතනයේ මේ මිල පහළ දැමීම උත්සව සමයේ තමන්ට මහත් අස්වැසිල්ලක් බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
