කාදිනල් හිමි අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යන්න සූදානම් !

කාදිනල් හිමි අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යන්න සූදානම් !

මැල්කම් රංජිත් කාදිනල් හිමි කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානම් වෙයි.

ඒ බව දන්වමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත කාදිනල් හිමියන් විසින් ලිපියක් යොමු කර තිබේ.

වයස අවුරුදු 75 ඉක්මවන අගරදගුරු තුමන්ලා ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීම ක්‍රිස්තියානි ආගමේ සම්ප්‍රදාය වෙයි.

එම සම්ප්‍රදාය අනුව යමින් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් මේ බව පාප් වහන්සේට දන්වා ඇති අතර කාදිනල් හිමිව තවදුරටත් අගරදගුරු තනතුරේ තබා ගන්නවා ද නැද්ද යන්න පාප් වහන්සේ විසින් තීරණය කරනු ලැබීමට නියමිතය.

කෙසේ වුවත් තනතුරේ වෙනසක් වුවද මැල්කම් රන්ජිත් හිමියන්ගෙ කාදිනල් ධුරය එලෙසින්ම පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න