වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක් !

වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක් !

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

කොළඹ වරායේ නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්,මූල්‍ය,තොරතුරු තාක්ෂණය හා සංචාරක,වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා මෙම නව වීසා වර්ගය හඳුන්වා දී තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

ඒ අනුව අනුමත වීසා කාණ්ඩ පහතින් දැක්වේ.

* වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා “ආයෝජක වීසා” කාණ්ඩය

* සේවා නියුක්තිකයින් වෙනුවෙන් “සේවා නියුක්ත වීසා” කාණ්ඩය

*කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න