ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට දේශපාලනමය වශයෙන් ඇඟිලි ගැසීම් සිදු නොකරන ලෙස දන්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ ලිපියක් නිකුත් කර තිබේ. එහි පිටපත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධරයන්ට ලැබී ඇතැයි ද වාර්තා වෙයි.
යම් හෙයකින් එවන් ඇඟිලි ගැසීමක් සිදුකොට අනවශ්‍ය බලපෑම් සිදු කරන්නේ නම් ඒ ගැන පරීක්ෂා කිරීමට විශේෂ නියෝජිතයකු මෙරටට එවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැරසෙන බව දැනගන්නට ඇත.
ඒ අතර මෑතක සිට දේශපාලන ක්ෂේත්‍රයට හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ බලවත් පාර්ශ්වයක් විසින් විවිධ හේතු ඉදිරිපත් කරමින් නැවතත් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරවා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වෙයි. එම තොරතුරුද පදනම්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම අවවාදාත්මක ලිපිය නිකුත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වසරකට ඩොලර් මිලියන 3 ක පමණ අනුග්‍රාහක දීමනාවක් ලබා දෙයි. තරගාවලි වැඩිපුර පැවැත්වෙන විට මෙම මුදල තවත් ඉහළ යයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොකළ යුතු බවට අයිසීසියේ මෙම විශේෂ නිවේදනය ක්‍රිකට් බලධරයන් විසින් ක්‍රීඩා අමාත්‍යංශයටද යොමුකර ඇතැයි දැනගන්නට ඇත.
-deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
