කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ පවසයි.
ශ්‍රීලන්කන් ගුවන්සේවයේ සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
ඉදිරි මාස 3,4ක කාලය තුළදී ගුවන් යානා 3ක් හෝ 4ක් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් වන බවත් අඩු මිලකට ගුවන් යානා ලබාගත හැකි නම් විශ්ලේෂණයක් සිදුකර ගුවන්සේවයට සහ රටට උචිත ආකාරයට ක්‍රියාකරන බවත් ඔහු එහිදී පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
