අද මෙරට සිටින පරිණතම දේශපාලනඥයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ජාත්‍යන්තර සබඳතා මඟින් රට ගොඩ ගැනීමට හැකියාව තිබෙන නායකයා ද ඔහු බවත් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය .
රට මේ තත්වයට පත්වීම සම්බන්ධයෙන් තමා ඇතුළු දේශපාලඥයන් සියලු දෙනා වගකිව යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය .
දේශපාලනඥයන්ගේ කළු සල්ලි තිබෙන්නේ තොරතුරු පිටතට නොදෙන විදෙස් බැංකුවල බවද සොරකම් කරන අයගේ මුදල් මෙරට නැති බවත් ඒවා ඇත්තේ ලංකාවේ ගිණුම් වල නම් ඒ වෙන අයගේ නම්වලින් බවත් පැවසීය.
තමනට එසේ උපයන ලද මුදල් නැති බවත් තම පියා හොඳ ව්‍යාපාරිකයෙක් බවත් ඔහු විසින් ධනයක් උපයා ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
